Friday, August 17, 2012
වසර 2012 වන විටත් මගේ රට ශ්‍රී ලංකාවයි
මම අනර්කලී, පබා ජනතා ජන්දයෙන් පාර්ලිමේන්තු යනවා දුටුවෙමි. කුඩු දුමින්දට අමතක වූ සැටි දුටුවෙමි. මර්වින්ට විනය පරීක්ෂන තිබූ සැටි දුටුවෙමි. කෙරවලපිටිය හා නොරොච්චෝලේ සෑදුව බවද දුටිමි. ඡන්දය නැති පළාත් වලට විදුලිය කැපූ සැටිද දුටුවෙමි. විශ්ව විද්‍යාලයද විභාග ප්‍රශ්න පත්‍ර ද දුටුවෙමි. බාල පෙට්‍රල්ද පසුව බාල ඩීසල්ද දුටුවෙමි. ක්‍රිකට් ක්‍රීඩාවද දුටිමි. හම්බන්තොටට නැවු පෝලිමේ එනවාද දුටුවෙමි. ලිමෝසීන් ගෙනෙන්නට ටැක්ස් අඩුකරනවාද දුටිමි. අයි.ටී.එන් පුවත්ද පුවත් වලට පසුව විමසුමද දුටුවෙමි. විමසුම ලියන එකාගේ කතෘ දිවියට උපහාර දෙනවාද දුටුවෙමි.
තවමත් ජාතික ගීය යන විට මම හුනස්නෙන් නැගිටිමි. වමනය යාමට තරම් අප්‍රියතාවක් නැතිව මාතෘ භූමිය දෙපයින් ස්පර්ෂ කරමි...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment