මට තේරෙන්නනේ නැති දෙයක් ගැනයි මේ සටහන. අයවැයෙන් රුපියල ඊයේ ඩොලරයට සාපේක්ෂව අඩු කරා. (මම ebay එකෙන් ගෙන්නන බඩු වලට මට වැඩිපුර ගෙවන්න උනා ) ඉතින් මෙහෙම කරේ අපනයන කර්මාන්තය දියුනු කරන්නනේ. නමුත් මට නොතේරෙන කාරනය,
ලංකාවේ අපනයන ප්‍රමාණයට වඩා ආනයන ප්‍රමාණය මම දන්න විදියටනම් වැඩි. ඒ කියන්නේ අවප්‍රමාණ කිරීම අපිට පාඩුයි.
අනිත් එක, දැනට කිසිම අපනයන භාන්ඩයක් ලංකාවේ අපනයනය කරන්න බැරුව ගොඩගහගෙන නැහැ. ඒ කියන්නේ දැනට ලංකාවෙන් අපනයනය කරන හැම දෙයක්ම මෙහෙ ඉතුරුවෙන්නේ නැතුව අපනයනය කරනවා. ඒක නියා අලුතෙන් වෙළදපලක් හැදෙන්න දෙයක් නෑ, නමුත් දැනට අපනයනය කරපු ප්‍රමාණයෙන් අපිට දාහක් හම්බ උනානම් දැන් හම්බවෙන්නේ නවසිය හැත්‍තෑ පහක් විතර. ඒකියන්නේ අපනයන කරුවට පාඩුයි. මෙන්න මේ කරුණු නිසා මම හිතනව රුපියල අවප්‍රමාණය කරපු එක අපිට පාඩුයි කියල.
හොද පැත්ත,
මේ වැඩෙන් යහපතකුත් සිද්ධ වෙනව. ඒක තමයි රටේ හදන්න පුලුවන්, නමුත් පිටරටින් ගෙන්නන දේවල් ගෙන්නන අයට මේ ගැන දෙපාරක් හිතන්න සිද්ධවෙන එක. ඒකෙන් අපේ රටේ නිශ්පාදන කර්මාන්තය දියුනු වෙනව.
අන්තිමේදි,
අපේ රටේ අපනයන ප්‍රමානය, දේශීය කර්මාන්ත දියුනු කිරීම හා ආනයන ප්‍රමානය කියන මේ දේවල් තරාදි වලට දාල කිරල මැනල රටට ලාභයක් වෙන විදියට මේ කරන දේවල් කරනවානම් තමයි ඉතින් හොද...
(දේශපාලනය නොව. හුදු සිතුවිල්ලක් පමනි)
No comments:
Post a Comment